Press "Enter" to skip to content

අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද (04) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

 

මෙතෙක් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40ක් සඳහා පිළිතුරු ලබාදීමට මෙම විශේෂ රැස්වීම කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

 

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10 සිට පස්වරු 04.30 දක්වා රැස්වීමට නියමිත අතර මෙම සතිය තුළ අඛණ්ඩව දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

 

හෙට (05) දිනයේදී එකතු කළ බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 

මේ අතර මෙම සතිය තුළ අමාත්‍යාංශ උපදේශක කාරක සභා 02ක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා 02ක් රැස්වීමට නියමිතය.

 

ඒ අනුව අද දිනයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව රැස්වෙන අතර ලබන 06 වන දින අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

 

ඊට අමතරව හෙට දිනයේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වීමට සැලසුම් කර තිබේ

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *