Press "Enter" to skip to content

රට විකුණන්න, දුරාචාර ප්‍රවර්ධනය කරන්න පනත් සියල්ල ගේන්නේ රනිල් – කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

වර්තමාන ආණ්ඩුව යටතේ ඉදිරි කාලයේ දී මහා විපතක් සිදුවන බවත්, ඉතිහාසයේ සිට සිදු වූ  කිසිඳු සතුරු ආක්‍රමණයකට වඩා මහා විනාශයක් මෙම පාලනය තුළින් රටේ සමස්ත ජනතාවට සිදුවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ අප්‍රේල් මස 8 වැනිදා කැබිනට් පත්‍රිකාවක් නිකුත් වී ඇති බවත්, එහි සඳහන් ලෙස නව විදුලිබල පනතට හා ජල කලමණාකරණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැති ලබා දී ඇති බවත්, මෙම පනත් ඉදිරිපත් කර ඇත්තේ විෂය භාර ඇමැතිවරන් නොව ජනාධිපතිවරයා විසින් බවත් ය.

 

මේ සියලු දේවල් ඇමැතිවරුන්ගේ නමින් ඉදිරිපත් වුවද මෙහි පිටුපස සිටින නිර්මාතෘවරයා ජනාධිපතිවරයා බවද, ජනාධිපතිවරයා සිදුකරන සාහසික අපරාධ වලට ඔහුව බලයට ගෙන ඒමට උදව්වූ සියලු දෙනා වගකිව යුතු බවද තිරාණගම මහතා පවසයි.

 

නව විදුලි බල පනත මෙන්ම ජල කළමණාකරණ ප්‍රතිපත්තිය හරහා රටේ ජනතාවට මෙම සම්පත් අහිමි කිරීම සඳහා ක්‍රියාත්මක සැලසුම මෙන්ම ඒ සඳහා දීර්ඝ කාලීන සැලසුමක් ක්‍රියාත්මක වූ බවද ඒ මහතා පවසයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *