Press "Enter" to skip to content

විජේදාසගේ ආශිර්වාදයෙන් ගීතා ගෙනා, සමලිංගික චර්යා ප්‍රචලිත කිරීමේ පනත: වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක් (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක දී  පැවසුවේ මේ වන විට  පනත් 44ක්  ගෙනවිත් ඇති බවත්, තවත් පනත් 62ක් ගෙන ඒ මට නියමිත බවත් යැයි ද,   2002 වසරේ ඔහු විසින් ගෙනා ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ කිරීමට නොහැකි වූ සියල්ල දැන් සිදුකරමින් සිටින බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ජත්‍යන්තර සංවිධාන වලින් සාදා දෙන පනත් එකින් එක ඔහු විසින් ගෙනවිත් සම්මත කරගන්නා බවද, මේ පිටුපස විදේශිකයින් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් හා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද සිටින බවද ඒ මහතා හෙළිකරයි.

 

වර්තමානයේ ඔවුන්ගේ ආශිර්වාදය ඇතිව කාන්තා කටයුතු අමාත්‍යවරිය වන ගීතා කුමාරසිංහ ගෙනවිත් තිබෙන අලුත්ම පනත වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත බවත්  වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

මෙම පනත යටින් ඇත්තේ සමලිංගික චර්යා ප්‍රචලිත කිරීම බවත්,  පනතේ මුලින්ම කාන්තාවන් පිළිබඳව සඳහන් කර,  පසුව එහි වෙනත් ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීම තුළ පවතින්නේ ඇතැම් බටහිර රටවල මෙන් මෙරට තුළ ද සමලිංගික චර්යාවන් සහිත කණ්ඩායම්වලට ප්‍රසිද්ධියේ හැසිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් නිර්මාණය කිරීම බවත් ඒ මහතා සඳහන් කරයි.

 

ආයුර්වේද පනත සංශෝධනය කර කංසා වැවීමට අවසරය ලබාදීමත්, දැරිවියන්ට ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීම සඳහා පනතක් මෙන්ම කැමැත්තෙන් ලිංගික අපයෝජනයට පත්වීමේ වයස් සීමාව පහත දමා ලිංගික අපයෝජන ප්‍රවර්ධනය කිරීමේ පනතක් ද විජේදාස රාජපක්ෂ ගෙන ආ බවද, ඒ ඇතැම් පනත් ජනතා විරෝධය මත හකුළා ගැනීමට සිදුවූ බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *