Press "Enter" to skip to content

ආණ්ඩුවට දෙවරක් ජනවරම ලැබුනේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට මිස පවතින ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමට නොවෙයි – ජාතික සංවිධාන කියයි

ආණ්ඩුවට දෙවරක් ජනවරම ලැබුනේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට මිස පවතින ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමට නොවන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. 

අද (18) පෙරවරුවේ  ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරනු ලැබුවේ ආණ්ඩුවට බහුතර බලය ලබා ගැනීම සඳහා උතුරු නැගෙනහිර කුඩා පක්ෂ කිහිපයක සහයෝගය ලබා ගැනීමට සිදුවීම නිසා ඔවුන්ගේ බලපෑමට යටත්වී 19 වැනි සංශෝධනය වෙනස් කරන 20 වැනි සංශෙෘ්ධනයට 13 වැනි සංශෙෘ්ධනය බලාත්මක කරන බෙදුම්වාදී – සංශෝධන කිහිපයක් ඉතා කූඨ ලෙස ඇතුල් කිරීමේ අනතුරක් තිබෙන බවය.

දැන් ආණ්ඩුවේ ජනාධිපති – අගමැති එකම පක්ෂයකට අයත් බැවින් සහ ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතට පවරා ගැනීම නිසා 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමේ හදිසියක් තිබිය නොහැකි බැවින් අනතුරුදායක පැලැස්තර දැමීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *