Press "Enter" to skip to content

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතුවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්

පසුගියදා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළත් වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතුව අතර සුවිශේෂී හමුවක් පැවැත් වූ බව වාර්තා වේ. විද්වත් සංගම් මූලස්ථානයේ දී පැවැත් වූ එම සාකච්ඡාවට ආචාර්ය ගුණසේකර මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් පැමිණි අතර වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ නායකත්වය නායකත්වයෙන් වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී විය.

 

කුමන නායකයෙකු බලයට පත්වුවත් රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව මූලික ලේඛනයක් පදනම් කරගෙන සාකච්ඡා පැවැත්වූ බව වාර්තාවේ. ඉදිරි සති කිහිපය තුළ එම පාර්ශව දෙක එකගතා ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව වාර්තාවේ.

 

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රබල වෘත්තික හා විධායක නිලධාරීන්ගේ සංගම් 23 කින් සමන්විත වන අතර ජාතික සංවිධාන එකමුතුව සංවිධාන 32 කින් සමන්විත වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *