Press "Enter" to skip to content

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්විමට නියමිතව තිබේ. 

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිලනිවසේදී මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිතයි. 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සමඟ ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්විම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *